
(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
සැකකරුවන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළයතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි බව ද කියයි.
අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කැපුම් තුවාල ලැබූ සේවකයා ප්‍රතිකාර ලබාගෙන ඇත.
අදාල වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 7 ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවද පොලිසිය පවසයි.
තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් කොල්ල කා පලා ගොස් ඇත.

